ලෝක පාරිසරික දිනය සමරමින් එලායන්ස් මූල්‍ය සමාගම 2018 ජූනි 05 වන දින අද්විතීය තුරු මිතුරු වැඩසටහනට නායකත්වය දෙන ලදී. මෙහිදී සමාගමේ කණ්ඩායම දිවයිනේ දිස්ති‍්‍රක්ක 25 න් පාසල් 991 ක සිසුන් 371,000 සිසුන් සමගින් පැළ 176,518 ක් රෝපණය කල අතර ඒ තුළින් වසරකට කාබන් ඩයි ඔක්සයිඞ් මෙට්ටි‍්‍රක් ටොන් 3,843 උරාගනු ලබයි. එය මව් රටේ පරම්රපරා ගණනකට සෙත සලසන ජාතික මෙහෙවරක් සඳහා කෙරෙන ප‍්‍රතිඥාවකි.
’’තුරු මිතුරු’’ ව්‍යාපෘතියෙන් කොළඹ දී පැවැත් වූ එවැනි එක් වැඩසටනක් නම් කොටහේන මධය මහා විදන්‍ාලයේ පැවැත්වූ වැඩසටහනයි. මෙම විදුහලට යාබදව පවතින්නේ ගෝෂාකාරි වාතාවරණයක් සහිත ගොඩනැගිලි භාණ්ඩ වෙළඳපළකි. විදුහල්පති මොහාන් වීරසිංහ මහතාගේ නායනත්වයෙන් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සිසුන් 100 කට අධික සිසුන් සංඛ්‍යාවක් පාසල් භූමිය තුළදී තූර්ය වාදක කණ්ඩායමේ සහභාගිත්වය ද ඇතිව ගුරු මණ්ඩලයේ දායකත්වයෙන්ද පවත්වන ලද අතර එලායන්ස් මූල්‍ය සමාගම වෙනුවෙන් රොමානි ද සිල්වා නියෝජ්‍ය සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂකතුමා පුද්ගලිකවම ් මෙම උත්සවයට තම කණ්ඩායම සමග සහභාගි විය. සිසුන්ගේ මෙම කාර්යශීලී වැඩසටහනට එක්වූ එතුමා මෙම කි‍්‍රයාව අගයකරමින් පවසා සිටියේ ‘‘ මෙම කාර්යයට ස්වෙච්චාවෙන් ඉදිරිපත් වී උද්යෝගයෙන් හා කාර්යශූරී ලෙස ඉටුකරන ලද කාර්යය පිළිබඳව අප සමාගම ඉතාමත් තෘප්තිමත් බව දන්වා සිටිමි. මේ මොාහත වන විට අපගේ කණ්ඩායම දිවයිනේ විවිධ පළාත්වල මෙම සත්කි‍්‍රයාව ඉටුකරමින් සිටී. මෙයට වඩා දෙයක් කරන ලෙස මට ඔබගෙන් ඉල්ලා සිටිය නොහැතිය’’.
2013 වසරේ දී එලායන්ස් මූල්‍ය සමාගම එහි වාහන කල්බදු පාරිභෝගිකයිනට ලබාදුන් ප‍්‍රතිඥාව එනම් කාබන් විෂවාටු විමෝචනය පිටුදැකීම දැන් යථාර්ථයක් කරගනිමින් සිටී. එලායන්ස් මූල්‍ය සමාගම, ජනතාව-විශ්වය-ලාභය මූලික කරගත් ති‍්‍රත්ව ඵලදායිතා වැඩසටහන ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කල පුරෝතාමි ආයතනයයි. වසර 60 ක අධික කාලයක් තුළ දශක හතරකට සේවය සැලසූ එලායන්ස් මූල්‍ය සමාගම දැන් දිවයින පුරා තිබෙන පාසල්වල 150,000 කට අධික ගස් රෝපණය ප‍්‍රවර්ධනය කරමින් තිරසාරත්ව සංකල්පය තරුණ පරම්පරාවට දායාද කර දීමට කටයුතු කර ඇත. ඉදිරි අනාගතයේදී අපගේ මව්බිමේ ජනතාවට තිරසාර වූ හරිතමය දිවි පැවැත්මක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටී.