සම්මාන හා ඇගයීම්
ගුණාත්මකභාවය සහ පිළිගැනීම සඳහා වන අපගේ කමිටුව
අප විසින් අනුගමනය කරනු ලබන දිගුකාලීන දෘෂ්ටිය මගින් අපගේ ගනුදෙනුකරුවන්ට අප විසින් සපයනු ලබන සේවාවේ ගුණාත්මක භාවය හෝ පද්ධතිවල හා කළමනාකරණ ක්‍රියාවලීන්ගේ ගුණාත්මකභාවය හෝ අප ව්‍යාපාර කරන සදාචාරාත්මක ආකාරය යන කරුණු කෙරෙහි අපගේ අවධාරණය අවධාරණය කරයි
විශිෂ්ඨත්වය සඳහා වූ අපගේ කැපවීම සහ ‘‘ලොව වඩාත් හොඳ තැනක් බවට පත්කිරීම සඳහා’’ වන අපගේ ප‍්‍රයත්නයට නොකඩවා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපට ලැබෙන බොහෝ ගෞරව පිළිගැනීම් තවදුරටත් වර්ධනය කරගැනිම අපගේ ප‍්‍රයත්නය වේ.
පිළිගැනීම් ප‍්‍රදානයන්ගේ ලේඛණය
විශිෂ්ඨත්වය සඳහා වූ අපගේ කැපවීම සහ ‘‘ලොව වඩාත් හොඳ තැනක් බවට පත්කිරීම සඳහා’’ වන අපගේ ප‍්‍රයත්නයට නොකඩවා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපට ලැබෙන බොහෝ ගෞරව පිළිගැනීම් තවදුරටත් වර්ධනය කරගැනිම අපගේ ප‍්‍රයත්නය වේ.
ISO 222301 : 2012 සහතිකය
ව්‍යාපාර පවත්වාගෙන යෑමේ කළමනාකරණ පද්ධතිය (BCMS) ISO 222301 : 2012 සහතිකය ලැබූ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම ආයතනය බවට පත්වීම
ව්‍යාපාර අඛණ්ඩතාවය සඳහා වන කලමණාකරණ පද්ධතිය (BCMS)
බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රය සඳහා වන ව්‍යාපාර අඛණ්ඩතාවය කලමණාකරණය (BCMS) පිළිබඳ බි‍්‍රතාන්‍ය ප‍්‍රමිතිය ලැබූ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම සමාගම බවට පත්වීම
ISO 9000 සහතිකය
වර්ෂ 2000 දී ISO 9001 සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු මූල්‍ය ආයතනය බවට පත්විය. මේ වන විට අප ISO 9000: 2008 සහතික කර ඇත.
ISO 9001 සහතිකය
තත්ත්ව පාලනය පිළිබඳ අපගේ කැපවීම ප්‍රසංශාවට බඳුන් කරමින් Det Norske Veritas (DNV) විසින් ගෞරවාන්විත ISO 9001 : 1994 තත්ත්වය ලැබූ ප්‍රථම මූල්‍ය ආයතනය බවට පත්වීම.
තිරසාර සංවර්ධනය සඳහා AFC දායකත්වය ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වේ..
තිරසාර සංවර්ධනය වෙනුවෙන් සිය අඛණ්ඩ කැපවීම සහ දායකත්වය සැපයීම වෙනුවෙන් AFC නැවත වතාවක් ජාත්‍යන්තර වශයෙන් පිලිගැනීමට පාත්‍ර වන ලදී. සංවර්ධන මූල්‍යායතන සඳහා වන ආසියාපැසිෆික් කලාපීය සංගමය (ADFIAP) විසින් වඩාත් කැපී පෙනෙන සංවර්ධන ව්‍යාපෘතිය 2019 වෙනුවෙන් පිදෙන කුසලානය මෙසේ AFC වෙත පිරිනමන ලදී.