Call Us:

අධ්‍යක්ෂ මණ්ඩලය

තමාරා ධර්මකිර්ති-හේරත් මහත්මිය

සභාපතිනිය

ධර්මකීර්ති-හේරත් මහත්මිය මූල්‍ය සේවා පිළිබඳ වසර 39 කට වැඩි පළපුරුද්දක් ඇති අතර, එම අංශයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. එතුමිය රට තුළ බැංකු නොවන මූල්‍ය ආයතන දෙකක් (NBFI) පිහිටුවීම සදහා දායකවිය. ඇයගේ දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ, ඇය ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරුවල සේවය කර ඇති අතර NBFI හි සහ තාක්ෂණික කුසලතා සපයන උපදේශකයෙකු ලෙස ලීසිං සහ ෆැක්ටරින් හි නියැලී සිට ඇත. ඇයට NBFI හි සහ බැංකුවල මූල්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශවල දැනුම සහ පළපුරුද්ද ඇත. එතුමිය තරුණ වෘත්තිකයන්ගේ ලීසිං සඳහා දැනුම හා නිපුණතා සංවර්ධන පහසුකම් සලසා ඇත. ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් සදහා සාර්ථක ක්‍රම හදුන්වා දෙමින් NBFI අංශයේ කළමනාකරණයේ සමානාත්මතාවයත් පෙනිසිටිමෙන් විශාල කාර්ය්‍ය භාර්ය්‍යක් ඉටුකර ඇත. මීට අමතරව, කණ්ඩායම් ක්‍රීඩා දෙකකින් රට නියෝජනය කළ ඇය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ වී කටයුතු කර ඇත. තවද ක්‍රීඩා සම්මේලනයේ අධ්‍යක්ෂකවරියක සහ කලාපීය සභාපතිවරියක ලෙස සේවය කොට ඇත. එමෙන්ම ජාතික ක්‍රීඩා සම්මේලනය සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙසද ඔලිම්පික් සඳහා ජාතික තේරීම් කමිටුවවේ කාන්තා සභාපතිනිය සහ ක්‍රීඩා කමිටුව A.O.C – ශ්‍රී ලංකාව සහ වෙනත් කීර්තිමත් තනතුරුද හොබවා ඇත.

රොමානි ද සිල්වා මහතා

නියෝජ්‍ය සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂක

ශ්‍රී ලංකාවේ ණය කළමණාකාරිත්ව අධ්‍යනයේ සාමාජිකයෙකු ලෙස රොමානි ද සිල්වා මහතා බොහෝ සමාගම් වල අධ්‍යක්ෂක ධූර හොබවයි. මූල්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 27කට වඩා පළපුරුද්ද ලබා සිටී. ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රසාරණය කිරීම සදහා මුදල් සැපයීමට සැලසුම් කර ඇති විශිෂ්ඨ මූල්‍ය සංකල්පය වන සහයෝගිතා මූල්‍යකරණය (Collaboration Financing) හි ඔහු පුරෝගාමීයා වෙයි. මෙම සංකල්පය නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාර සදහා මූල්‍ය විසදුම් සැලසුම් කිරීමේ IOS 9001 සහතිකයෙන් එලායන්ස් ෆිනෑන්ස් සමාගම ලංකාවේ ප්‍රථම හා එකම මූල්‍ය සමාගම ලෙස පිදුම් ලැබීමට හේතු විය. ශ්‍රී ලංකාවේ 2001 වර්ෂයේ ව්‍යවසායකයා තරගයෙන් ප්‍රාදේශීය හා ජාතික මට්ටමෙන් නව්‍යකරණය සදහා ලෝකඩ පදක්කම් 2 කින් ඔහු පිදුම් ලැබීය. ඔහු තරුණ ලංකා ව්‍යවසායකයන්ගේ සමාගමේ සාමාජිකයෙක් ද ශ්‍රී ලංකා අධ්‍යක්ෂකවරුන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකයෙක් ද වෙයි.

කුසල් ජයවර්ධන මහතා

නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂක

ආයෝජන බැංකුකරණය, ආයතනික මූල්‍ය, ණය හා මෙහෙයුම් වැනි ක්ෂේත්‍ර වල වසර විසි පහකට අධික පලපුරුද්දක් සතු කුසල් ජයවර්ධන මහතා , 2017 අප්‍රේල් මාසයේ එලායන්ස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස ආයතනයට සම්බන්ධ වන ලදී. එම තනතුරේ වසර පහක සේවයෙන් අනතුරුව 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ ඔහු ආයතනයේ නියෝජ්‍ය කලමණාකරණ ධූරයට පත් කරන ලදී. ඒ මහතා ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ කණ්ඩායම් රැසකට නායකත්වය දෙමින්, නව්‍ය මූල්‍ය සේවාවන් කිහිපයක් හඳුන්වාදීමට මූලික වී තිබේ. ඒවා අතරට; මූල්‍ය සුරැකුම්කරණ ව්‍යුහයන්, පරිවර්තනය කළ හැකි සුරැකුම්පත් සහ ව්‍යුත්පන්න අයත් වන අතර, ඉතා වැදගත් ප්‍රාග්ධන ගනුදෙනු කිහිපයක්ද දියත් කිරීමට ද ඔහු මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම පුද්ගලික ප්‍රාග්ධන අරමුදල වන කැපිටල් ලිමිටඩ් සහ බංගලාදේශ – එමරල්ඩ් ශ්‍රී ලංකා අරමුදල පිහිටුවීම සඳහා ද ජයවර්ධන මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබේ. ඔහු වරලත් මූල්‍ය විශ්ලේෂකයෙකු වන අතර, එක්සත් රාජධානියේ වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමයේ, වරලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ සංගමයේ සහ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීන්ගේ සංගමයේ සහායක සාමාජිකයෙකු ද වේ. එසේම ඔහු, කැනඩාවේ පොදු  රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන ආයතනය හා අනුබද්ධ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇත. මීට අමතරව ජයවර්ධන මහතා, ආයතනික මුල්‍ය හා උපාය මාර්ගික කථිකාචාර්යවරයෙකු, පුහුණුකරුවකු සහ උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. එලායන්ස් ආයතනය හා සම්බන්ධ වීමට පෙර ඔහු, බංගලාදේශයේ NDB Capital Limited හි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකරණ අධ්‍යක්ෂක ලෙස සහ, NDB Capital Holdings LImited හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙසද කටයුතු කර ඇත. මීට අමතරව ඔහු, Resus Energy PLC, Pan Asia Power PLC, ලංකා සන්නිවේදන සේවා සී/ස සමාගම සහ NDB Capital සමාගම වැනි ලැයිස්තුගත සහ පුද්ගලික ආයතන වල විධායක තනතුරු රැසක්ද හොබවා ඇත.

මයිකල් බෙනඩික්ට් මහතා

විධායක අධ්‍යක්ෂ අයකිරිම්

2001 වසරේ සිට සමාගමට සේවය කර ඇති මයිකල් බෙනඩික්ට් මහතා 2023 සැප්තැම්බර් 1 වන දින සිට ක‍්‍රියාත්මක වන පරිදි විධායක අධ්‍යක්ෂ – අයකිරිම් ලෙස පත් කර ඇත.
AFC හි ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහ සහකාර සමාන්‍යාධිකාරි ක්‍රෙඩිට් මෙට්‍රොපොලිටන්, ප‍්‍රධාන අවදානම් නිලධාරි සහ ප‍්‍රධාන ප‍්‍රතිසාධන සහ එකතු කිරීමේ නිලධාරි යන ප‍්‍රධාන තනතුරු හොබවා ඇත. ඔහු Cardiff
Metropolitan විශ්ව විද්‍යාලයේ (එක්සත් රාජධානියේ) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ MBA උපාධියක් ලබා ඇති අතර, සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ( ඕස්ට්‍රෙලියාව) සහ ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහතිකලත් සාමාජිකයෙකි. ඔහු එලායන්ස් සමූහයේ අනුබද්ධිත Alfinco Insurance Brokers හි අධ්‍යක්ෂවරයෙකි.

ප්‍රියන්ති ද සිල්වා මහත්මිය

විධායක නොවන අධ්‍යක්ෂක

මුල්‍යය කේෂ්ත්‍රය පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ඇති ඇය ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ද ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු හෙබවිය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි ලාභ නොලබන රාජ්‍ය නොවන ආයතනයක් වන Foundation for Goodness ආයතනයේ මූල්‍ය හා කළමනාකරණ තොරතුරු පද්ධති අංශයේ අංශාධිපතිනිය ලෙස සේවය කරයි. වසර 30කට අධික කාලයක් පාරිභෝගික භාණ්ඩ, ‌‌හෝටල් කේෂ්ත්‍රය, ඖෂධ සහ සංචාරක යන කේෂ්ත්‍රවල කළමනාකරණ කටයුතු පිළිබඳ අත්දැකීම් ඇයට ඇත. එම දීර්ඝ සේවා කාලය තුළ හේමාස් ආයතනයේ මුල්‍ය නියාමක ලෙසද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු කිහිපයක්ද, ශ්‍රී ලංකන් සමාගමේ මුල්‍ය හා පද්ධති කළමනාකාරිනිය ලෙසද, ඔස්ට්‍රේලියාවේ Goston Avend ආයතනයේ මූල්‍ය විශේෂඥයකු ලෙසද කටයුතු කර ඇත.

මහින්ද ගුණසේකර මහතා

අධ්‍යක්ෂක - තිරසාරත්වය

මහින්ද ගුණසේකර මහතා ශ්‍රි ලංකාව, ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය හා නේපාලය වැනි ආසියානු රටවල කෘෂි ව්‍යාපාරය හා සූක්ෂම මූල්‍ය ජීවණ මාර්ග සංවර්ධනය හා SME ෆිනෑන්ස් වැනි කේෂ්ත්‍ර වල පසුගිය දශක 3 ක කාලය තුල සේවය කර ඇත. ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජපානයේ, තායිලන්තයේ, පිලිපීනයේ, බංගලාදේශයේ හා තජිකිස්ථානයේ උපදේශක සේවා පළපුරුද්ද ඔහුට ඇත. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් රාජ්‍ය නොවන ආයතන 3 ක හා ආසියානු සංවර්ධන බැංකුවේ ලෝක බැංකුවේ IFC සමග විශේෂඥ පැවරුම් ඉටුකරමින් සංවර්ධනය පිළිබඳ US ඒජන්සිය වැනි විශාල රාජ්‍ය සංවිධාන වල එම කාලය තුළ සේවය කර ඇත

රවී රඹුක්වැල්ල මහතා

ණය ‌‌මෙහෙයුම් සහ අ‌ලෙවි අධක්ෂ්‍ය

රඹුක්වැල්ල මහතා ණය මෙහෙයුම් හා අලෙවිකරණය පිළිබඳ විධායක අධ්‍යක්ෂක ලෙස අප අධ්‍යක්ෂක මණ්ඩලයට එකතු විය. ‌පේරාදේණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව සම්බන්ධව ම ප්‍රථම උපාධිය ලබාගත් රඹුක්වැල්ල මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවද, වරලත් වාණිජ ආයතනයෙන් වාණිජ විද්‍යා ඩිප්ලෝමාව ද ලබා ගන්නා ලදී. කළමනාකරණය පිළිබඳ හසල දැනුමක් ඇති රඹුක්වැල්ල මහතා වසර තිස් පහකට අධික කාලයක් තුළ කළමනාකරණය ක්ෂේත්‍රයේ දේශීය වශයෙන් මෙන්ම විදේශීය ආයතන වල ද සේවය කර ඇත. අප සමාගම හා සම්බන්ධ වීමට පෙර අවසාන වශයෙන් ඔහු ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනයක අලෙවිකරණය හා මෙහෙයුම් සම්බන්ධ අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කර ඇත. එම ආයතනයේ වසර 24 කට අධික කාලයක් සේවයකර 2018 වසරේ ජුනි මස විශ්‍රාම ගෙන ඇත. අලෙවිකරණය හා මෙහෙයුම් ක්ෂේත්‍ර වල හසල දැනුමක් හා පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති රඹුක්වැල්ල මහතාහට අප අධ්‍යක්ෂක මණ්ඩලයට ඇරැයුම් කළේ ඔහුගේ දැනුම, අත්දැකීම් හා ව්‍යාපාර සංකල්පනා තුලින් අප ආයතනයේ දියුණුව උදෙසා මහඟු මෙහෙයක් ඉටුවන බව අප තරයේ විශ්වාස කරන බැවිනි.

හිරාන් ද සිල්වා මහතා

ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක

සිල්වා මහතා ග්‍රැෆික් කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් සම්භාරයක් ඇත්තෙකි. ඔහු දැනට සීමාසහිත Alliance Agencies හි කළමනාකාර අධ්‍යක්ෂ වේ. Heidelberger Duckmaschinen AG ජර්මනිය සඳහා ශ්‍රී ලංකාවේ සුවිශේෂී නියෝජිතයින් සහ ජර්මනියේ AG හි ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා වන Drive One (Pvt) Ltd. හි ඔහුට වසර තිහකට වැඩි කළමනාකරණ පළපුරුද්දක් ඇත. ඔහු සන්නාම ගොඩනැගීම, උපායමාර්ගික සැලසුම්කරණය සහ ප්‍රධාන ගිණුම් කළමනාකරණය පිළිබඳ සැලකිය යුතු පළපුරුද්දක් ලබා ඇත. මුද්‍රණ සහ නිර්මාණ වෘත්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකි.

ලසන්ත හෙට්ටිආරච්චි මහතා

ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක

ලසන්ත හෙට්ටියාරච්චි මහතා ශ්‍රී ලංකාවේ ශේෂ්ඨ අධිකරණය නීතීඥයකු වන අතර මැක්ගිල් වෙතින් නීතිවේදී උපාධියක් ලබා ඇත. කැනඩාවේ මොන්ට්‍රියල් විශ්ව විද්‍යාලය සහ මැක්ගිල් විශ්ව විද්‍යාලයෙන් සිවිල් නීති පිළිබඳ උපාධිය ලබා ඇත..ඔහු කළමනාකරණ හා පරිපාලනය පිළිබඳ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇත. 2002 සිට ඔහු පෞද්ගලික සිවිල් නීති භාවිතයක් පවත්වාගෙන යන අතර මුල් / අභියාචනාධිකරණවල සහ බේරුම්කරණයන්හි වාණිජ හා සිවිල් නඩු කටයුතුවල වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇත. වාණිජ / ආයතනික නීති භාවිතයෙන් ආවරණය වන කරුණු පුළුල් පරාසයක් ඇතුළුව ගනුදෙනුකාර නීති සේවා සහ උපදේශනය පිළිබඳ ගැඹුරු හා පුළුල් අත්දැකීම් ඔහු සතුව ඇත.

ආයතනික කළමනාකරණ කණ්ඩායම

ඊ.සී.එස්.අර්. මුතුපුල්ලේ මහතා

ප්‍රධාන කුසලතා කළමනාකරණ නිලධාරී

ඔහු වෘර්තියෙන් ඉන්ජිනේරුවරයෙකු වුවද මූල්‍ය කේෂ්ත්‍රයේ කාර්ය්‍ය ශූර බව නිසා ඉහළ පෙළේ තනතුරු දරා විදේශවලද හොදින් ස්ථාපිත සමාගම්වල සේවය කර ඇත. මූල්‍ය සේවා වල අවුරුදු 33කට වඩා වැඩි පළපුරුද්දක් ඇති දීප්තිමත් වෘර්තිකයෙකි. එක්සත් රාජධානියේ Glamorgan විශ්ව විද්‍යාලයෙන් රසායන ඉන්ජිනේරු විද්‍යාව පිළිබද ශාස්ත්‍රවේදී උපාදියක්ද, University College of Swansea – UK ජෛව රසායන ඉංජිනේරු විද්‍යාව හා උසස් රසායන ඉංජිනේරු විද්‍යාව පිළිබද උපාධියක්ද (MSC) ඇත.

අරුණ රුද්‍රිගු මහතා

ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී

2023 සැප්තැම්බර් 1 දින සිට ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස අරුණ රුද්‍රිගු මහතා පත් කර ඇත. ඔහු 2016 මැයි
01 දින සිට ණය ඒකකයේ සහකාර සමාන්‍යාධිකාරි ලෙස සමාගමට සේවය කළේය. ඔහුගේ පුළුල් පළපුරුද්ද, ණය
ඒකකයේ කාර්යක්‍ෂම කළමනාකරණය සහ ණය ඇගයීමේ දක්ෂතා සමඟින් 2018 අපේ‍්‍රල් 1 වැනි දින ඔහු ප‍්‍රධාන ණය නිලධාරියා ලෙස ණය දෙපාර්තමේන්තුවේ නායකත්ව භූමිකාව භාර ගත්තේය. පසුව ඔහු 2019 දී ප‍්‍රධාන ණය
නිලධාරී/ශාඛා මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස පත් කරන ලදී.

අරුණ රුද්‍රිගෝ මහතා Buckinghamshire නව විශ්වවිද්‍යාලයෙන් (එක්සත් රාජධානියේ) MBA උපාධියක් ද,
වරලත් අලෙවිකරණ ආයතනයෙන් (UK) අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හිමිකරගෙන ඇති අතර, ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (AIB) ආශ‍්‍රිත සාමාජිකයෙකි. (Associate Member)

ඔහු බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ සැලකිය යුතු පළපුරුද්දක් ඇති අතර HSBC බැංකුව මැද පෙරදිග (ඩුබායි), Amlak Finance PJSC (Dubai)” Commercial Leasing Company PLC, Seylan Bank PLC හි ජේ්‍යෂ්ඨ කළමනාකරණ තනතුරු කිහිපයකම සේවය කර ඇත.

අජන්ත කුමාර මහතා

ප්‍රධාන වාණිජ නිලධාරි

අජන්ත කුමාර මහතා 2021 මැයි 03 වැනි දින ප්‍රධාන වාණිජ නිලධාරි වශයෙන් අප සමාගමට සම්බන්ධ විය. ඔහු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහතික ලත් සාමාජිකයෙකු වන අතර වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ සහකාර සාමාජිකයෙකි. මීට අමතරව, අජන්ත මහතා ගිණුම්කරණ ශිල්පී සංගමයේ සාමාජිකයෙකු වන අතර, ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් දරයි. ඔහුගේ වෘත්තීය ජීවිතය වසර 20+ කට වැඩි කාලයක් මුල්‍ය සේවාවල වේ. මෙම කාලය තුළ ඔහු සියපත ෆිනෑන්ස් පීඑල්සී හි රන් මූල්‍ය අංශයේ ප්‍රධානියා ලෙස වසර 9ක් සේවය කර ඇත.

අජිත් සුබසිංහ මහතා

ප්‍රධාන මහජන නිලධාරි

සුබසිංහ මහතා 2021 ජුනි 15 වැනි දින ප්‍රධාන මහජන නිලධාරියා ලෙස අප සමාගමට සම්බන්ධ විය. සුබසිංහ මහතා MAS Fabric Trischel සහ Fabric Textprint හි මානව සම්පත් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව සම්පත් ප්‍රධානියා ලෙස PRYM සමීපතම අංශයේ (MAS හෝල්ඩින්ග්ස් සමූහ සමාගම) සේවය කිරීමෙන් ලද අක්දැකිම් සම්භාරයක් සමඟ පැමිණේ. ඔහුට මුල්‍ය ක්ෂේත්‍රයේ වසර 13ක පමණ පළපුරුද්දක් ඇත.

චම්පා නාකන්දල මිය

ප‍්‍රධාන තැන්පතු නිලධාරිනී

2023 සැප්තැම්බර් 1 සිට ප‍්‍රධාන තැන්පතු නිලධාරිනිය ලෙස චම්පා නාකන්දල මහත්මිය පත් කර ඇත.
නාකන්දලා මහත්මිය 1987 ඔක්තෝම්බර් මාසයේදී එලායන්ස් ෆිනෑන්ස් හා සම්බන්ධ වූ අතර 1993 දී ඇයගේ
ශක්තිමත් පුද්ගල කුසලතා සහ කළමනාකරණ හැකියාවන් හඳුනා ගනිමින් ඇය කළමනාකරු – තැන්පතු ලෙස උසස් කරන ලදී. එතැන් සිට ඇය විශිෂ්ට කණ්ඩායමක් ගොඩනඟා ඇති අතර කර්මාන්තයේ පිහිටුවා ඇති සියලූම සේවා මිණුම් සලකුණු ඉක්මවා අපගේ සියලූම තැන්පත්කරුවන්ට විශිෂ්ට සේවාවක් ලබා දී ඇත.
AFC හි ඇයගේ වෘත්තීය ජීවිතය තුළ ඇයගේ සුවිශේෂී කාර්ය සාධනය අගයමින්, ඇය 2007 දී සහකාර
සමාන්‍යාධිකාරි – තැන්පතු ලෙස පත් කරන ලදී. ඇයගේ සේවා කාලය තුළ තැන්පතු කණ්ඩායම 2023 වර්ෂයේදී
තැන්පතු පදනම රුපියල් බිලියන 20 දක්වා වර්ධනය කිරීමට සමත් විය. එලායන්ස් සමූහයේ අනුබද්ධිත Alfinco
Insurance Brokers හි අධ්‍යක්ෂ ධුරයද හොබවයි.

නිෂ්පාදනයක් ගැන විමසීමක්

    හෝ උදව්වට අපව අමතන්න

    Inquiry about a product

      or call us for assistance

      Inquiry about a product

        or call us for assistance

        This site is registered on wpml.org as a development site.